Sinhala songs

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා //
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව කඳුළකින් ලීව
කවි ගී තියෙනවා

මට නං දැන් ඔබත් ඕන නෑ
අඩවන් දෑසින් බලන් ඉන්න බෑ //
ඔය ඔචිචම් හිතත් පාරවයි
හාද්දක සුවඳ මතක් වෙන සුළුයි //

කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ //
හිත අද්දර හිතක් ඉඟි මරයි
තොල් සායම් මට කරචිචල් කරයි //

මට කොචිචර වුණත් දුක වැඩියි
ඔබ ළඟ ඉන්නට සිතත් සතුටුවෙයි //
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ //

Artists : IntenZe
Lyrics : Wasantha Dukgannaral

**************************************


මේ සීත පවනැල්ලේ..
ජීවිතේ අඳුර පිරුනා..
රෑ තාරුකා වාගේ..
ආදරේ අඳුරෙ ගිළුනා..
රෑ යාළුකම් බෝ වේ..
කෝ දැන් කොයිද සොඳුරේ..

සුන්දරයි ඇසුර ළමැදියේ..
ඒ රම්‍ය සැමරුම් ඔබේ..
දෑසේ ඇන්දා වාගෙයි සිහිනේ..
මේ සීත කඳු මානේ..
කෝ දැන් කොයිද සොඳුරේ..

හීන පාට කල මල් හිනා..
කොයි පින්ද දුසිතෙන් පිනා..
ආයේ ළංවී ඉන්නම් හැමදා..
මේ නීල තරු යායේ..
කෝ දැන් කොයිද සොඳුරේ..//

Artiste: Sachith Peiris

********************************************
දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා


Artist: Karunarathna Diwlgane

**************************************************


ඔබ මාගේ නම් මගෙ හීනේ ඔබ නම්..
හිත මාගේ නම් මම ඔබගේ වෙන්නම්..
ඔය දෑසේ මං ඇඳි සිත්තම වේ නම්..
ඔබ පහසේ මං තනිවෙන්නට එන්නම්..

හීන ගොඩ ගැහී හිතට දුක වැඩී ඔබව මට දැනේ..
ඉන්න බෑ ඔහේ එන්නකෝ ප්‍රියේ පියඹා රහසේ..

දෑස මට කියු රහස මට හුඟක් ලඟ බව දැනුනේ..
පේන මානයේ ඉන්නකෝ හදේ සැමදා සසරේ..

Artist:Rakitha

**************************************************


මලක් වුනේ ඇය් නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින් කියන්න

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින් කියන්න

Artist: Amarasiri Piris

***********************************


සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා . . .
නමක් නැති මහ කන්ද ඔබ . . .
අප්පච්චී . . . .
අප්පච්චී . . . .

ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත්වතු දෙස බලා . . .
නොපෙනෙනා තරමින් සිනාසී . . .
නිසලවම හිදිනා . . .
අප්පච්චී . . . .
අප්පච්චී . . . .

මෙහෙවරට ආවැයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා . . .
තෙත් ගුණය මෙත් ගුණය සගවා . . .
අකම්පිත වත පා . . .
අප්පච්චී . . . .
අප්පච්චී . . . .

සියක් උල්පත් මවා දී . . .

Artist : Kasun Kalhara

*******************************************


සොඳුරු සිතුවම්. . .
කුරුළු ගී වැල්. . .
සුවඳ මල් රොන්. . .
සිහින් නල රැල්. . .
එක මිටින් ගෙනෙමී. . .
ඔබේ හිතේ ඉහිරමි. . . . . //

මේ දාහයේ නගරේ. . .
හිරුගේ මඟ අවුරා. . .
සඳ ගෙනැත් තබමින්. . .
සඳ එලිය නාමින්. . . . .

සොඳුරු සිතුවම්. . .

රතුපාට හැන්දෑවේ. . .
දෑස දෙස නොබලා. . .
වෙන්වෙලා අවුදින්. . .
සිහින සිතුමිණකින්. . . . .

සොඳුරු සිතුවම්. . .

Artist : Kasun Kalhara

*************************************


සුළග ඔබද
මගෙ සුසුම අරන් යන්න එනවද...
සුවද ඔබද
මතකය ගෙන යන්න යනවද...
තරුව ඔබද
අහසේ තනිවෙන්න ඕනැද...
එය ඔබද
යළි හමුවෙන්න එනවද...

ලැජ්ජාවටදෝ අහක බලන්නේ
හුරතලේටදෝ මූණ වහන්නේ
තරහ වෙලාදෝ හිනා නොවෙන්නේ
යළි කවදාදෝ ආපසු එන්නේ

සැනසීමටදෝ දෑත වනන්නේ
ආදරේටදෝ මට රිදවන්නේ
කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
යළි කවදාදෝ අපි හමුවෙන්නේ

තනිය මටද
මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද
සිහිනෙන් දැකගන්න එනවද
කඳුළු මටද
දෑසේ වියැලෙන්න දෙනවද
දුකම මටද
මගේ දුක විඳගන්න දෙනවද..

Artist : Kasun Kalhara

****************************************

නීල බිගු කැල තාම රස පෙල ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තමර පහසින් මෝහනය වීලා

මාරුතේ මතුරා යැතේ සුරබුන් හෙලූ මුකුලු
මාවතේ අතුරා ඇතේ සුරබුන් නෙලූ කැකුලු

ජීවිතේ කිරි සගරේ කලබා දිනූ කිදුරී
මීවිතේ මදිරා සොයා සගවා නොයන් සොදුරී

Artisit : Victor Rathnayaka

****************************************************************

සිතුවිළි සිරවී හදවක පතුලේ
ඉකිබිඳ වැලපෙනවා
රැව සැඟවී මගේ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...

ඔබේ සෙනෙහස දැක
සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නය් තනිවන්නට නම්
මේ ලෙස ඇයි අපි හමුවන්නේ...

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමක් හිනැහෙද්දී
ලොව දහසක් නෙත්
හිනැහෙන මොහොතේ
ඔබෙයි මගෙයි ලොව කඳුලු දකී...

Artist : Bandara Athawda

**********************************************************

සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි
Artist : Milton Mallawarachchi

******************************************************

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා.......

යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා.......

ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා........

Artist : Milton Mallawarachchi

******************************************************